March 22, 2018

ශිෂ්ඨ මිනිස්සු..2

මුහුද ද මායිම් කර අරගන්න
අහස ද කීතු කීතු කර බෙදාගන්න
ඔබට තව හැකිනම්
සුළඟ ද අයිති කරගන්න
අපියි ශිෂ්ඨ මිනිස්සු....

March 21, 2018

ගඟබඩ සිට ඔබට ලියමි

ගංඟාවෝ ගලා යති
අවට ලෝකයක් ගැන නොසිතාම
ගැඹුරුව.. නිසසලව..
බැබලෙනා ජලතලයකින්
නොපෙන්නා..
එහි පතුලේ සැඟවාන ඇති
බාධක..උඟුල්.. ආගාධ..
.............................
ගංඟාවෝ ගලා යති!


March 7, 2018

ශිෂ්ඨ මිනිස්සු

වැට බදින්න පුන් සඳට
ඉරි ගසා හිරු බෙදාගන්නට
එකක් නෑර තරු ගනින්නට
ජාතික අනුපාතයට බෙදාගන්නට
අපියි ශිෂ්ඨ මිනිස්සු....