April 28, 2016

දිනෙක මම සමු ගත් විට
නෙත් යහනාවෙන් නොව
නුඹේ මුලු හදවතින්ම
නෙතෙඟෙ කඳුළැලි
එපා මවන්නට

April 26, 2016

ඈත අහසෙ තනි තරුව මම. පුර හඳ නුඹ..
ලොවක් එළිය කල.. හිරු කිරණ නුඹ..
ඒ හිරු කිරණින් පිබිදුනු නිදිකුම්බා මල මම..

April 22, 2016

සුදු මල් මිටක්
මගේ ලග තියා
ඔබ යන්න ආපසු
නොබලාම
මා දෙස

April 6, 2016

පුනරාගමනය

ගොර බිරම් රළ බිඳෙන
ඒ වුණත් හිත නිවෙන
හෝ ගාන පොකුණ අස

බොහෝ කලකට ඉහත
හැර දමා පිය මැන්න
ඔය කොළඹ කළු අහස

යළි නොයෙන්නට පැතුව
ඇන්ටෙනාවෙන් වැසුණ
කොන්ක්‍රීට් වන අරණ

දමා යන්නට කිසිත්
ඉතිරි වී නැති කලෙක
හැරදමා පියමැන්න
විඩාපත් එපුරවර....

*************

ඈත ගම් පියස්සෙක
උලලේනි හඬන රෑ
හඳ එළියෙ නැහැවෙමින්

නුඹේ සෙනෙහස් ගඟේ
කිමිදෙන්න වරම් නැති
මූසලම මේ රැයේ

අනාගතයක සිහින
යළිත් මම දකින්නෙමි
ආයෙමත් රැඳෙන්නට
කොළඹ කළු අහස යට....