December 25, 2015

අප හැරදා යන්න ගියේ....

කටු අකුලක
පිපි මලක් වගේ
රිදුම් පිරුණු
මේ ආදරයේ
පරවී ගිය
සුදු මලක් වගේ
ඇයි නුඹ
මෙලොවින් සමුගෙන
අප හැරදා
යන්න ගියේ....

December 22, 2015

නුඹ යන්න ගියා ....

සයුරට පෙම් බැඳි
රළක් වෙලා
නොසෑහෙන්න
ආදරේ කළා...
වෙරළේ පිය
සටහනක් වෙලා
හිටිහැටියේ නුඹ
යන්න ගියා ...

December 11, 2015

සී නියර්

මහ හඬින් 
තෙල ගැසූ
සීනියර් බාබරා
ප්‍රා.ලේහි 
ලිපි අතර
තනියෙන්ම
හිරවෙලා

December 8, 2015

කුණු අදින ගුණේ...

ඉඳුල් අතරින් මතුවූ
අතසුන් බෝනික්කියක දැක
පොඩි දුවට පෙම් බඳින
ගුණේ...
කකුල නැති පුටුවට 
පණ දෙන්න
උඹට පුළුවන්
ගුණේ....