June 29, 2015

ඔබේ ප්‍රේමය ඉවසමි

හිතවත,

ඔබේ ප්‍රේමය ඉවසමි
හැබැහින්
විසිකරලනු සවියක්
නැති හෙයින්....

අසමි මගේ රුවගුණ
හිලව්වට
මගේ දුක් ගී ඔබ
ඇසුව ණයට....

කියමි දවසේ කතා
නැතිකමට
මට සවන්දෙන
වෙනත් කෙනෙකු....

අගයමි ඔබේ ‍වෙහෙස
මා වෙනු‍වෙන්
කැපවෙන
ණයබර වැඩිකරන....

සිතමි ඔබේ පව
කවරදැයි
පෙම් කෙරුමට
මේ මෝඩ කෙල්ලට....

No comments:

Post a Comment