February 25, 2015

මගේ විරසක පෙම්වතී

මගේ චුම්බන
සිය ගණන් රැඳි
කොපුල හංගන්
යන අපූරුව 
මගේ විරසක පෙම්වතී

February 20, 2015

ආදරණීය රොස මල

රෝස මලක් නෙලුවිමි
නටු අග කටු නොදැක.

February 18, 2015

අලුත් කඳුළුක්

මම අලුත් කඳුළුක්
නමුත් නැහැ මට
අලුත් පාරක්
ගලා යන්නට
නුඹේ කොපුලේ
පෙම බිඳුණු කුමරී

February 11, 2015

මහලු ගැබිණිය

වියළි රෝස
කලලයක්
දරා සිටින
කවි පොත

February 4, 2015

බඹරෙකුගෙන් කවියෙකුට

කවියන් සිතන්නේ
බඹරුන් නපුරුමැයි
මල් අහිංසකමැයි
නමුත් මල් උයනක අතරමංව
දිනක් ගෙවූ
මා නොව දන්නේ
මල්වල අහිංසකකම්......