December 12, 2014

භව නිසරු

ගිහි ජීවිතෙන් මිදුණු මිනිසා
පඬුවතින් සැරසී
වෙහෙර බිම සක්මන් කරයි

නියඟයක රුදු සුළඟ පැමිණේ
පහන් සිල සෙලවේ
ජීවිතේ රස අසිරි සිහිවී
දැමුණු සිත සෙලවේ

මලසුනින් මුදු සුවඳ පැමිණේ
පහන් සුව මතුවේ
ජීවිතේ භව නිසරු සිහිවී
නිවන් මග හෙළිවේ

No comments:

Post a Comment