April 30, 2014

අපේ පුතයි මැති පුතයි

මැති පුතා නොගිය 
අපේ පුතා ගිය
කැම්පස් 

අපේ පුතා නොයන 
මැති පුතා යන 
කැසිනෝ 

April 28, 2014

උඹට කලින්...

උඹෙ හරුපෙට 
මගේ හරුපේ 
ගලපන්න බෑ...
මොකද උඹ වගේ නෙමෙයි මං....
උඹ ගලපන්න උත්සහ කරත්
උඹ පරාදයි....
මොකද මං දිනලා 
උඹට කලින්...

April 24, 2014

මැරෙන්න කලින්....

මැරෙන්න කලින් එක මොහොතක් හරි
මම මගේ වෙලා හිටියනම්....
අද මං වලට යන්නේ රජෙක් වගේ...
ඒත් එදා උඹ මගේ ලඟට වෙලා ඉන්න කොට
උඹ වටින්නෙ නෑ....
උඹ මට එදත් ආදරෙයි..
නමුත් මං උඹට ආදරේ කරේ නෑ....
අද උඹ මට ගොඩක් වටිනවා...
ඒත් උඹ මගේ ලඟ නෑ...
වරෙන් දාලායන්න කලින් එක මොහොතක්...
මගේ අන්තිම හුස්ම පොදවත් මගේ වෙන්න....

April 22, 2014

කලට නැති වැසි ,
අකලට වැටෙන තුරු බලා සිටින වැහිලිහිනියනේ...
දන්නවාද,
කට්ට පොළොව නොතෙමුනොතින් හෙට දොහටත්,
මගේ පැටවු ගින්දරේම කඳුළු පිහයි..

April 16, 2014

නොරටදී

තෙල් තාච්චියක
බැදෙන කැවුමක
සුවඳ දැනේ 
හිතට.............
කවුලුවෙන් එපිට,
හඬ ඇසේ
නම නොදත්
කිරිල්ලක..................
සිහි වේ,
අම්මා කවන
කැවිල්ලක රස...............
අප්‍රේල් 
14 දාවක් කොහිද,
සයිප්‍රසයට!!!!

April 11, 2014

ඔබේ නෙතු

දහස් ගණනින්
හමු‍වුණත් නෙතු ....
ඇයි ද මට ඕනෑ 
ඔබේ ඒ නිල් නෙතු ....
ඇයිද නොදනිම්
තවම නොදනිම්....

April 2, 2014

ෆොටෝ ග්‍රැෆර්ට පෙම්වතියගෙන්....................

Zoom කරන්නත් එපා
Edit  කරන්නත් එපා
Frame කරන්නත් එපා
අපේ ෆොටෝ එක
මෙ විදියටම
වඩා හොඳයි!!