October 30, 2013

පිස්සු හැදෙන වෙලාව

පිස්සු හැදෙන්න
මොහොතකට කලින්වත්
නොහැක
හැදෙන බව දැනගන්න
හැදුණු පසු
කවදාවත් නොහැක
හැදුණු බව දැනගන්න

October 28, 2013

කවිය මැරුණ ඕයි!

අධර්මිෂ්ඨයන් ගැන
කවියක් ලියා
ඒ අධර්මිෂ්ඨයන්ගෙන්
මා මුදවා
සුජාත කල ඇසිල්ලේ
මියැදුණි
ඒ කවිය

October 25, 2013

ඇයයි මමයි ලස්සනයි

ලස්සන වෙනවා කියා
ඇය
මිදි හොයන් කන්නී ය
මම වයින් බොමි

October 23, 2013

නුඹේ කඳුළැල්

පිරි කඳුළැල් සැළුණු නෙතඟින්
බලා හිඳී නුඹ ඈත අහස දෙස
බැලූ මුත් මා නුඹේ දෑස් දෙස
වරම් නැත මට කඳුළු සලන්නට

සිතෙහි ආලය පිරි ඇත තව
නුඹේ කඳුළැල් හිසරක් විය
වැදුනි හද වෙත රිදුම් දෙයි එය
කිරිමට අද කිසිත් නැත මට

පිසින්නට අද නුඹේ කඳුළැල්
සිතුවමුත් මම වරම් නැත මට
දැනුන මුත් දුක මගේ හද වෙත
කෙසේ නම් මා සනසවන්නද?

October 21, 2013

මහරජ..

අපි නොතැනු 
රට නොතැනු 
ඔහුම තැනූ 
අපිට නොවන 
රටට නොවෙන 
ඔහුටම වෙන 

October 18, 2013

මගෙ පෙම්වතිය

පටුන බලති
පිටු නොබලති....

October 16, 2013

බඩගෝස්තරවාඳය ගැබ් ගැනිම

 පවිටු වු,  ආත්මාර්තයේහිම
ආත්මය රැඳි,
දේශපාලනික සලෙලු බවින්

ගැබ් ගත්
උන්ගේ බඩගෝස්තරවාඳය,
ජාතියේ වරඳින්ම
කිසිඳා ගබ්සා‍ නොවනා
හැටි.

October 14, 2013

බිග් බෑන් තියරි + ♥

බිග් බෑන් එකට කලින්
විශ්වය තනි තිතක්ලු
ඒ තිත හැදුණේ
හැකිළුණු විශ්වයකින්ලු
විශ්වයත්
හදවත වගේ...
ඉපිලෙමින්
හැකිලෙමින්...

October 11, 2013

ද්‍රව්‍යමය ආසාවන්

සිත් ඉමේ
යහනතේ
කෙතරම් ක්‍රීඩා කලද
ඇයට ඇති
ද්‍රව්‍යමය ආසාවන්
හිර කරයි නුඹ ගෙලින්
අවසානයේ

October 9, 2013

දිටිමි..

නොවෙනස්ව ගලා යන කඳුළු වලට
ශාප නොකරමි..
ඔබේ සුසුම් වලට
හිර නොවුනත්
දෙනෙත්වල කාන්තියට
පිලිස්සී ඇත්තෙමි

එහි රශ්මිය අදද මා පෙලයි...

October 7, 2013

වැට කඩොලු

හදවතේ ආදර කතාව
ඔහු දනී...
මම දනී...
අපි, අපි දනිමු
හදවත් අපේය..

October 4, 2013

ජීවිතයේ Remote එක

ජීවිතයේ සොඳුරු, ලස්සන තැන්  Pause කරන්න තිබුණානං
අමිහිරි තැන්, අකමැති තැන් Fast FWD කරන්න තිබුණානං
මතකයන්, වැරදුනු තැන් REWD කරන්න තිබුණානං
Play කරන්න තිබුණා ජීවිතයේ හොඳ කාලය අයෙමත්....

October 2, 2013

මල් කැඩීම

ඇට මස් ලේ නැති
හැඟීමක්ද නැති
ලස්සනක් සුවඳක් විතරක් ඇති
කොයි මලත් එහෙමය
බිය නොවන්න
පොඩි කරන්න