August 30, 2013

වතක මහිම

හුදෙකලා, නිහඬ
හදවතක රුව
දිසෙන ඔබ වත
නොවේ අමතක

August 28, 2013

මේකම දෙන්න

මේක කීයද?
අරක කීයද?
අනික කීයද?
"මේක" දෙන්න

August 26, 2013

මං එනතුරු

පේර ගෙඩියක් කඩාගෙන
තැඹිළි ගෙඩියක් කපාගෙන
බසයක හඬ අසාගෙන
පාරට කන් යොමාගෙන
දැන් එතියි මග බලාගෙන
තාත්තා ඇති සිනාගෙන

August 23, 2013

ඩේටා ලිමිට් සහ පොත්

ඩේටා ලිමිට් පැන ඇත
අන්තර්ජාලයේ
දැන් ආයෙත්
මමත් පොත් කියවන්නෙක්මි

August 22, 2013

බිඳුන හද

හද බිඳුන තරමට
හදන්නට බැරිවේයිද ආයෙත්...
වැහැරී ගිය ඒ හිත හදන්නට 
කවදා හෝ දෑත දේවිද ඈ ආයෙත්...

August 21, 2013

හිස් මළ මිණි

ජීවිතයේ හිස්කම පුරවන්නට
සකල දෑ කළෙමි
සියල්ලට ආසා වුණෙමි

ජීවිතය පිරුණු පසු
ඉල් පලක් නැති වී
ආසාව මියැදී

මා මළ මිණියක් වී...

August 20, 2013

වාහන නැත්නම් කහ ඉරි කුමට.........

ඈ,
නියම බිරිඳ,
කහ ඉරමත මියැඳුන,
මෑ,
අනියම් බිරිඳ,
රථය පදවාගෙන ගිය,
මා,
ඔලමොට්ටල සැමියා?
වාහන යා හැකි මගේ
කහ ඉරි ඇන්ද?
එහෙමද? නැත්නම්...
කහ ඉරි ඇන්ද මගේ
වාහන යන්නට ඉඩ හැරිය?

August 19, 2013

හිත

පරිගණක තිරය ළඟ
හිස් වන
පොතක් ළඟ
පිරෙන

August 16, 2013

මංගල දැන්වීම

වචන පහලොවක
සිරකල
අනාගත
සුභ සිහිනය

August 15, 2013

අපේ කාලයේ ප්‍රවෘත්ති

මෙන්න ප්‍රවෘත්ති
හැමදාම නෑ
හැමතැනම නෑ
ග්‍රාහකයිනි,
මමනම් බයයි
නුඹත් බියවන්න
පේනවනේ
මෙච්චරක් මැරිලා
මෙච්චරක් තුවාලයි
ලැබෙන සැණින් එසැණින්
තවත් මරණ ප්‍රතිඵල

August 14, 2013

හාමත් කුස

ලැජ්ජ කළා මට
හඬ නගා
උදේ රැස්වීමෙදි
භාවනා කරන නිහඬ මොහොතෙදි

August 13, 2013

ගැහැණිය

පිරිමියා
පාලනය කළහැකි
දුරස්ථ පාලකය

August 12, 2013

ආදරය

නුඹ
දුන්
කඳුළු කැට....
නුඹ
සිපගත්
කම්මුල් මත...

August 9, 2013

අහක යනවට

පූස්,
අද මොකද
නෝනාගෙන් අපට
පිටිකිරි?
ඔව් බව්වා
නෝනා අද ලෝබ නෑ
ඊයේ ළමයාටවත් දුන්නැහැ
මං අහගෙන,
කිව්වා පූසටයි බව්වටයි දෙමු එව්වා

August 7, 2013

ගොළු යථාර්තය...

නුඔට තාම දැනිල නෑ
උණු වුණ ඒ හිතේ ගින්දර
නුඔ තාමත් දැකල නෑ
කදුළු පිරුණු ඒ දෙනෙත්

ආදරේ කලා ගොඩක්, සත්තතමයි
නුඔට අමතකයි ඒ සොදුරු අතීතය
අහිංසකයි නුඔ හැමදාමත්
ඒත් ගොළුයි ඔබේ යථාර්තය තාමත්

සිහි කරන් ඔය මුහුණු
හිරකරන් ඒ මතකය
මියැදෙනවා කාටත් හොරා
නුඔට ආදරේ ඒ පණ.....

August 5, 2013

ඔබ

සුළඟේ පාවී
දෑත මත රැඳුනු
මුදු කුසුම
රඳවා ගන්න පින් මදිවූ

August 4, 2013

සංගීතකරු මැරිල...!

වැයූ තත් හය නිහඬ වී...
හිඳී මුල්ලක කිලුටු වී...
තත් වැයූ අත් පලුදු වී...
යතුරු පුවරුව මතට වී...

ලියූ කවි පද නිහඬ වී...
සිනාසෙයි මට උඬගු වී...
කවි ලියූ කොළ රුදුරු වී...
ඉල්ලයි මගෙන් උත්තර හරී...

නොදුන්නොත් උත්තර හරී...
කෙළ වෙනව මේ පාරත් money...
අරන් degreeය බී Sc...
අපි කරමු music මගෙ honey...

August 2, 2013

රුපියල් 25

25 ට 25 ක් සෙට් වෙන තැන...!
ටී ද,  ප්ලේන් ටී ද, හොඳ...?