December 31, 2012

පළිගැනීම

සිහිනයක  අතරමග
අත් හැරුණූ කවි පදය
සිත් විලේ මල් අතර
රැඳි බඹර තුඩ වැන්න,

කවි අකුරු නොම දන්න
හිතට කවි සිත දුන්න
කවි හිතෙන් පලි ගන්න
කවිකාරි නමුත් මම

December 28, 2012

පන්සල්

පිංකම් නැති
උත්සව ඇති
ධර්මය නැති
ආතල් ඇති

December 26, 2012

සැබෑව..

සිනාසෙන්නට වෙර අරන්..
කොපුල් සැලුවෙමි මදහසින්..
දත් විලිස්සා වියරුවෙන්..
බලා ඉන්නවා කැඩපතින්..
සිනාවත් මා හැර ගිහින්.....

December 24, 2012

පැයක්

රන්පාට පුරහඳ
සිනාසෙන මදහස
ඉඟි කරන දෑස් කොන
උණුසුම් දෙතොලට
සිරවුන පයෝධර

මද අඳුර කැටිවුන
චිරි බිරි හඩින්   නැලවෙන
පැල්ලමින් ඔපවුන
ලාබ කුටියක
ඔවුන් සැනහෙන

පසුම්බිය ඉඟි කරන
දුරට යන උණුසුම
බොහෝ කලකට ළං නොවෙන
දිර්ඝ චුම්බනය
වේලාව හැගවෙන

December 21, 2012

මේජර්

උණ්ඩයට
බිය නොවු
හදවත
ප්‍රේමයට
අත් බෝම්බය

December 19, 2012

විද්‍යාගාරිත කවිය

අත්හදා බලන්නට
රසායනාගාර ගත කල
කවිය
නව හැඩයකින්
එළිබැස ඇත.
..........
දැන් එය
අංක භාවිතා කර
මහා කවි ලියන්නට
තරම්
දියුණුය.

December 17, 2012

තිතක් නැති

නිවන්නට
නැත ගිනිදැල්
සිතන්නට
හද හැමකල්
පිරවි ආදර කතා
අතරින් ගයමි
මම ගුණ ගී
නුඹේ

අලස ප්‍රේමය මත
පිපෙයි මම
විලස
සේකරගේ කවියක්

December 14, 2012

ගැහැණු

ඇති කල
හිතට වදදෙන
නැතිකල ගතට
වදදෙන

December 12, 2012

නුඹ

සිත නිවන
ගත දවන
මම විඳින
මුදු කුසුම

December 10, 2012

ඔබ

තරු අතරේ සැඟවෙච්ච
ඔය නෙතු
නුඹ දුරයි
පියමනින මට බෝම

December 7, 2012

හෙමින් ඇවිත් ලං වෙලා හිතට
ඉන්න ආසයි ජීවිතේ පුරාවට
එකම එක බලාපොරොත්තුවක් අරන්
තවරන්න හිතයි ආදරේ හැමදාම..

අද හිනා උන තරමටම
හෙටත් හිනාවක් අරන් එන්න
බලන් ඉන්නවා මේ හිත
ගෙවෙන හැම තප්පරයකම..

December 5, 2012

අහිංසක.............. පුංචි හිතක්
විසිරැනු... සිහින එක්කහු කරන්
හිරිවැටුනු... විඩාබර දෙනෙතින්
මඟ බලන් ඉන්නවා..... මහ රෑ
වෙන්ව ගිය.......... හිතවතෙක්
යළි එනතුරැ......... අරන් ගිය සතුට අරන් ♥ ♥ ♥

December 3, 2012

තරු !

කාසි සෙලවෙන සෙයිලමේ
කෑලි කැපෙනා කරුවලේ
වාසි පැත්තට පාද නංවන
රාසි තරුවල දිලෙන තරු ඇත