October 31, 2012

සුබ ගමන්!!

දුර ඉදන් ඉගි කරපු හද,
කජ්ජක් නෙවෙයි කියපු ඔබ
යන්න ගිහින්, හදටත් නොකියම. 
සුබ ගමන් ආම්ස්ට්‍රෝන් !!

October 29, 2012

රිදුනු හද

රිදුනු තැවුනු බිඳුනු හද
කැබලි කැඩී විසිරී ගිය සඳ
රිදුම් දෙන්නට ඉඩක් කොහිද තව
එහෙත් තවම රිදුම් දෙන සඳ
කොතැනදැයි සොයමි මම

October 26, 2012

පින් පව්…

හරක්
ලොරියක්
නවත්තලා
බෝධිය ළඟ
පඩුරු දාන්න…

October 24, 2012

පොත් සලකුණ

ජීවිත පොතේ
නැවතුන තැන් සිහිකරවන
පොත් සලකුණ
ඔබ….

October 22, 2012

ඔබේ උණුසුම

බලා නෙත් කොණින් මා දෙස
රවා ගස්සා යොමා වෙන’තක
ඔබ හිඳ ගිය අසුන - බස්රිය කොනෙක
හිඳ ගනිමි මම, සඳ බැස ගිය සඳ….

ඔබේ උණුසුම තවම
බස් රිය අසුන මත….

October 19, 2012

ඩැන්ඩි - SMART

නිශ්චිත
මිනිය හැකි
ක්‍රියාවක පදනම් වූ
තාත්වික
කාලරාමුව

October 17, 2012

ලබා උපන් හැටි

වීදියේ කෙලවරක
පහන් කණුවක් අසල
රැය ගෙවන සිඟන්නා කීවාලු
තස්මං න ශෝචාමි !!

උස් සඳුලු තලයක
නියෝන් එළිය යට සිට
සිටු වරයෙක් කීවාලු
තස්මං න ශෝචාමි ! !

October 15, 2012

චියර් ලීඩර්ස් ලා

එහා ගෙදර පොඩි එකා,
බත් කන්නේ නැති කොට....
අම්මා ඌව බය කරනවා...
ඔන්න පුතේ,
"චියර් ලීඩර්ස්ලා එනවා"...

October 12, 2012

පමා වු වසන්තය

අඩ සියවසක ඇවෑමෙන්
පැමිණිය ද වසන්තය
මහළු වී හමුව
සිනාසලමින් පැමිණියා...
පැසුණු හිසකෙස් අතර
රැදවුණු කාලයේ
ගොරහැඩි දැතින්
මෘදුව සැනසු...
පමා වු වසන්තය
හෙට සිටන් දළුලා වී
යළිත් අප එකට බැද...

October 10, 2012

අතීතය

නුහුරු නුපුරුදු
සොඳුරු හැගුමක
නෙතුපිය යට
හද කරයි සක්මන්...
සිත සනසන
ළතෙත් වදන්
දුරස් වී...
ළබැඳි හැගුමන්
ඉකිලමින් කුඳු ගතින්
තබයි අත්වැල්...

October 8, 2012

සඳ මිතුරි......

දුක හිතුනත්
හඬන්නෙවත් කොහොමද
කඳුළුත්
සඳ අරන් ගිය සඳ............

October 5, 2012

පාලම

එදා,
ඉඳහිට පොද වැස්සක මල් වත්ත මැදින් යද්දි,
වැරදිලා වත් අතින් නොඅල්ලපු ඔබ
පාලම උඩදි, අත බදාගෙන
මහවැලියට වැටෙතැයි බියෙන්.
අද,
ඔබ නැති සමනල පාලම.
වැටියන් ගඟට.

October 3, 2012

උම්ත්තකානුස්සතිය

සබ්බේ පෟතජනා  උම්මත්තකා. !!!
සබ්බේ බ්ලොග් කරුවානා උම්මත්තකා
සබ්බේ බ්ලොග් කාරීනා උම්මත්තකා..
සබ්බේ ඇනොලාද ඩබල් උම්මත්තකාමයි..