April 19, 2012

විරහව

හෝමෝ සේපියන්ස්
මූලික නාමය ලද්දාවූ
මනුෂ්‍ය වර්ගයාගේ
වාසගම
"වෙනස" වූ නියාවෙන්
ජීවන ආකෘතික
ශිෂ්ටාචාරයකට
පිඹුරුපත් සැකසූ
හිස් මොළ
ඒකායන අරමුණක
නතර වුණු
අපූරුව දැක
සුන් වී ගිය
හදවත්......

April 10, 2012

කෙට්ටු මදුරුවෝ

උදෑසන කාමරයේ
මදුරුවන් කෙට්ටුයි
මා සුරක්ෂිතයි
මදුරු දැල තුල...

April 9, 2012

කවි රහිත ආදරය

වචන රහිතව
නවකතාවක්ම ලියවෙද්දි
කවියකින් පුරවන්න
හිස් තැනක්

කොහින්
හොයන්නද?