January 15, 2012

ෆයිනස්

දහස් නෙක මිල ගෙවා
නිවස මැද්දට වඩවනා සඳ

ගොපලු විරුකම් තනා බැතියෙන්
තබා පඬුරුද එහි ම සෙවණින්

නව වසේ දින පළමුවට පෙර
ඇදෙයි කුණු මුලු සොයා බිම වැද

නැවත වසරක හිම දුරුත්තක
පැණ නඟී කිසි නොවූ විලසට