November 11, 2011

මනාප හිනාව

දසන් දක්වා
ණයට ඉල්ලා
ජිවිතය මුලාවට
ඉඟිමරණ අපුරුව...

November 8, 2011

පිණි බිඳ

ගසක් අතු රිකිලි ලා
මහත් තේජසින්
හාත්පස විහිදී
සිය රිකිලි හිස පැළඳි
මලක් දකිනු රිසින්
ඔබ මොබ සැලෙද්දී
එහි රැඳී එක් පිණි බිඳක්
පත් අගින් ගිලිහී
මහත් වෙහෙසක් දරා
මුල සිප ගනු දුටිම්
මලක් සොයා
වෙහෙසට පත් ගස
සෙමෙන් පිණි බිඳ දෙසට හැරී
පවස සංසිඳුවා ගති..

November 7, 2011

පුරහඳ

රහසින්වත් පෙම් නොකළ
පුරහද
අන්න දෙපලු කරගෙන
හදවත

November 6, 2011

තාරුණ්‍යය

තටුසලා පියඹනා
නිදහසේ ඉගිලෙනා
සුන්දරය ජිවිතය
මල් පුසුඹ කැටිවෙලා

November 5, 2011

ප්‍රේමය
කතා කරනු බැරිව ගිය
සෙල්ලම් බෝනික්කෙකි
තවමත් විසි නොකළ

November 4, 2011

සෙනෙහස

සඳ සීතලට
උණුසුමක් වී ඉන්න...
ඉකිබිඳින කවියක
පද වැලක් වී ගයන්න...
නුඹ සිටින ඉසව්වක
ආදරෙන් දැවටෙන්න...
විඩාබර ජිවිතයට
අත්වැලක් වන්න...

November 3, 2011

ප්‍රේමාතුරයා

හිතවතිය ,
මා
ප්‍රේමයෙන්
ආතුරව

ඔබ
දුම්මල වරම
අතැතිව .

November 2, 2011

ආදරේ ඉම

සුන්දරද? අසුන්දරද?
සරලද? සංකීරණද?
විදීද? විදවයිද
අනේ මගේ ආදරේ
කොහෙන් කෙලවර වෙයිද?

November 1, 2011

සඳ

හවස වට වැස්සට
ලිස්සලා විත් පොළොවට
මඩ කඩිති මතුපිට
සඳ පෙනෙයි බැලු බැලූ අත!