September 15, 2011

දුරස් වු සිත

මුදු සිහින අතර
සැතපුන ම සිත
නුඹට තුරුළුව
ලැබු උණුසුම
මගෙන් දුරු කර
ඇයට ළං කර...

September 14, 2011

මම ඇයට ප්‍රේමය
තෑගි කලා
ඈ මට සපත්තුවක්
තෑගි කලා

September 13, 2011

ආදරය

ආදරය, ඔබ නම් අපුරුයි..!!
අවසානයට ඉතිරි කර ගියේ...
මා සිතෙහි ඉපදුනු විරහවේ,
කවි සිතුවිලි විතරමද...?

September 12, 2011

කැටපෝලය

වේලිච්චි අත්තක කරුවක්
හිල්වෙච්චි ටියුබයක රබර් පටි
අඩිය ගැලවුණ සපත්තුවක හම් කෑල්ලක්
එකට වෙලා හැදූ කැටපෝලයෙන්
බ්ලොක් ගල්, කබොක් ගල් කෑලි විද
එළවන්න ද කැලේ නියවන
කපුටන්, වවුලන්, බස්සන්, වඳුරන්
තලු මරමින් නිදි කිරන...

September 11, 2011

රූං රූං

මං ඉන්නං වෙනිං කවුරුං හරි එනකං
එතකං මා ලගිං හිටහං
පුලුවංනං මකහං මගේ තනිකං
බැරි නං ඉතිං පලයං

September 10, 2011

පෙම් සිත

මිහිමඬලේ ඉම සොයා
දුරට පියමන් කරන
පාට දේදුන්නක නැගි
හිරුට ඉනිමන් බඳින...
නුඹ දොඩන පෙම් කතා
හදවතේ පැල් බඳින
කළුවරට ආවඩා
ප්‍රේමයේ සැරිසරන...

September 9, 2011

ඉරිසියාව.

තුරු සිරස
මුදුනින්ම
සුපිපි
අර-ලිය මලක්,

හිනෙහෙනා
අයුරු දැක
ඔරවනා
බිම් මලක්.

September 8, 2011

මගේ සිතට

නැටුමක අවසානය
මත් සිත
දහඩිය ගත
තව එක වටයක් කැරකී
හති හලා
පද්මාසනෙන්
සැරසෙයි වඩන්නට බවුන්
අබ්‍රහ්ම චාරියා .........
බ්‍රහ්ම චර්යාව .

September 1, 2011

තාරුණ්‍යය

තටුසලා පියඹනා
නිදහසේ ඉගිලෙනා
සුන්දරය ජිවිතය
මල් පුසුඹ කැටිවෙලා