July 31, 2011

සවන

දහස් ගනනක් මුව විවිරවිය
අහිමියි කියන්නට නූඹ මට
විවර නොවුනා එකදු මුවක්
හිමි වේ යැයි කියන්නට

කපාලන්නට හිත්නා නෙවෙද මට
මගේ සවන

July 30, 2011

අම්මා

දරු ගැබක් කුස දරා
දසමසක් පෙරුමන් පුරන්නී....
සුවහසක් කල් වුව ද
අප නමින් පැතුමන් පතන්නී...

July 29, 2011

කැඳ බඳුණ

ඇය
පළුදු වූ
කැඳ බඳුන

කැඳත් ,
රැවුලත්

මහට
අහිමි කළ .

July 28, 2011

?

දකින්න ආසයි
ඒත් කොහෙද ඔබ ?
විඳින්න ආසයි
ඒත් කොහෙද සිත ?
කියන්න ආසයි
ඒත් කොහෙද ලඟ ?
ලබන්න ආසයි
ඒත් කොහෙද පින ?

July 27, 2011

අනේ අර සඳ තාම අඬ අඬ
හිඳියි මා හොරැහින් බලා
ඇයට මම කවි නොලිය හිටියොත්
එවනවලු ඈ කළු වලා

විටින් විට සඳ වහ ගනියි වත
වෙලා-ගෙන ගත කලු වලා
මට මොකෝ වෙත ඈට කවි නැත
යවමි සේරම තරු බලා..

July 26, 2011

ලියවේය දස දහස් කවි පද
ඔබේ නමින් ගොතාලා
කෙසේ පවසන්නේ වයාලා
ඔබ මගේ ජිවයයි ගෙවෙන දිවි පුරා

මවා රසදුන් සිනා කැන්
මහද ගැබ සිසාරා
ගෙනේ මිහිරක් හද තුටින් පුරවලා
‍රැක ගනිමි ඔබ මගෙයි සසර පුරා

July 25, 2011

අවිහිංසක පැතුම !

කඳුළු මුතුකැට හීන අහුරා
නෙත් අඟින් මිඳිලා වැටෙද්දෙන්…
සුවඳ මැකිලා පරවු පැතුමන්
සිත් අසපුවේ විසිරී ගියාදෙන්…
මගෙන් මිඳිලා දුර ඇදෙන රුව
තවත් එක් මිරිඟුවක් වුණදෙන්…
හිතම පාරා දුකක් දුන්නත්
ඔය හිතට සැනසුම ලැබෙද්දෙන්…!

July 24, 2011

තරු දෙනෙත දිළිසෙමින්
ආදරෙයි කීවාම...
පපුතුරේ හැන්ඟෙමින්
උණුසුමක් සෙව්වාම...
දාලා යන්නේ කොහොම මන්
ජීවිතේ නුඹ ගාව.......,,,

July 23, 2011

වහින වැහි හැම එකක්ම
එක වගේ නෑ
ඒත් ....
වැස්සෙ තරම කොයි වෙතත්
ඇදහැලුනෙ වතුර විදිහටමයි..

හිතට දැනුනු හැම දුකක්ම
එක වගේ නෑ
ඒත් ....
දැනුණු දුක කොයි වෙතත්
බොඳවුණේ කඳුළු විදිහටමයි..

July 22, 2011

මට මෙතනට පෙණෙනා සඳ
නුඹටත් ඔතැනට පෙනේද ?
මට කරනා විලසට ඇය
නුඹටත් ඇහැ ඉඟි මැරේද ?

July 21, 2011

සටන

කැහුටු බැල්ලියක්
සමග සටනක
ජීවිතය වැරදුනු
නාකි හීරලුවෙක්

July 20, 2011

කේන්දරය

ඔක්කොම තරු පිහිටා ඇත හරි හරියට
රාහු කේතු ඇත්තේ මගෙ ඉහ හරියට
චන්ද්‍රයි ග්‍රරුයි පිහිටා නැත ලග හරියක
සිකුරු තරුව වඩින්න මගෙ අත හරියට

July 19, 2011

කාලිදාස

මට දුරින් හිඳ
දැනුනත් නොදැනුනා සේ
පාන සෙනෙහේ මඟ හරින
කාලිදාස....
මේ ගැබ්බර හිත දරන්
තවමත් කවිකම් කරන
සතුන්තලා මම....

July 18, 2011

අනේ මගෙ ජීවිතේ
හොදම කල නැති වුණේ
ඇගේ වරදින් නොවේ
මගෙම වරදැයි සිතේ

July 17, 2011

"ආදරය" යන
නිමක් නොදකින අනන්තය
මම, ඔබේ නෙතඟින්
බලාඋන්නෙමි...
මගේ ලය මත තැවරූ
සුසුමින්...
ඔබේ සුවඳ තව
රිදුම් දෙන්නෙමි......

July 16, 2011

සිගරට් දුමෙන් පැහැ වුන
ඔබේ සුසුමක සුවද,
මකරන්ද සුවදට
සමකරන්නේ කෙලෙස,.

July 15, 2011

ලිවුවොතින් දහ පදක් අද මම
ඉන් අටක්වත් තවම නුඹ ගැන
එකක් වත් නෑ අනේ මං ගැන
ඉතුරු දෙපදෙත් ආදරේ ගැන

July 14, 2011

"ආදරය" යන
නිමක් නොදකින අනන්තය
මම, ඔබේ නෙතඟින්
බලාඋන්නෙමි...
මගේ ලය මත තැවරූ
සුසුමින්...
ඔබේ සුවඳ තව
රිදුම් දෙන්නෙමි......

July 13, 2011

දිගන්තය

අනන්තයක් වුව
සුන්දරයි හැමකල
නොම දත් නුඹ
සිටිනා ඉසව්ව

දිගන්තයක් මය
වසන්තයේ අග
වඩින කල නුඔ
මල් වැසි වස්සන

July 12, 2011

කරපිංචා

අත්ත බිඳ
පත්‍ර සිඳ
හොද්ද මත
වැටුනු මම

හොද්දෙ රස
බැලුව පසු
පැත්තකට
දමපි ඇය

July 11, 2011

බලාපොරොත්තුව

රැගෙන යන තුරු
නුඹේ ලෝකෙට
බලා හිඳින්නම්
දවසක් දෙකක් නොව
දිගම දිග කල්පයක් වුව....

July 10, 2011

අසම්මත පෙම

අසම්මත වෙන්න ඇති
සම්මතය බිඳ දමා
පටලවා ගත් නිසා අපේ අත්.....
ඒ වුනත්...

සම්මතය රැකගන්න
බිඳගන්නෙ
කුමකටද
සෙනේ සිත්.....

July 9, 2011

සුරාන්තය

කම් සුව විඳින්නට
සයනේ හරි බරි
ගැසුනමුත්
කන් බෙර සුද්ද විය
බඩ උඩට නැඟි
නුඹගේ කෙඳුරුමෙන්

July 8, 2011

ආදරයේ ඇදුරුතුමිය

අ' යනු 'ආ' යනු
කියනු වෙනුවට
සඥ්ඥක මූර්ධඡ අතරේ
සිර කෙරුවේ ඇයි මගෙ සිත

July 6, 2011

මැල්ලුම් ආදරය

ලියා තබා ඇති
මලවා ගත නොහැකි
මාගේ ආදරය
මැල්ලුමකි....

July 5, 2011

මලක සුවඳ
දොලක සිහිල
නොවිඳි සිතට
කියනු කෝම
පෙමක සුවය....

July 4, 2011

සමුගෙන යන්නට ආදා ඉදලා
මගෙ ලොවෙන්
පාර සොයන්නෙ ඇයි නුඹ
කඳුළැලි ගලනා මගෙ ඇසින්........

July 3, 2011

ඕපාදූප

හහ් අදත්
අරගෙන එන්න වුනා
කෝප්ප ගොඩක් ගෙදර,
මට පවුල එක්ක
ඉන්න වේලාවක් නෑ
මේවා හෝදන්න තියෙන නිසා
රෑට..!

July 2, 2011

ඉඩකඩ ඇති තනිකම

හිරවෙලා ආදරේ කරන්න
නැද්ද ක්‍රමයක්
මගේ හිත ලොකු වැඩියි..,
ඉඩ තියෙන නිසා හීතලයි

July 1, 2011

පුංචි පුංචි බලාපොරොත්තු...
බිංදු බිංදු කඳුලු කැට වලින් ...
ඩිංග ඩිංග දිය වෙලා යද්දි ...
හැංඟි හැංඟි මං බොතලයක්ම බීලා ...