June 30, 2011

සිනහවෙන්නට ඉඩක්

අවුල් ඔක්කොම හිරකරන්
ඇස්සට දත නියවන්
පාරම් බ බා බැරිකම්
ලෝකෙට හංගමින්
කොටි වළිග අල්ලන්
හත් වරිගයට බනිමින්
තමන් දෙසම බලමින්
මේන් සිනහවෙන්නට ඉඩක්!!!!

June 29, 2011

ඉරණම

ලියාගන්නට කවි පදයක්
සොයා ආවා නවාතැනක්
නැති උනේ මට වදන් පොදියක්
ගයන්නට ඒ ප්‍රේම ගීයක්

June 28, 2011

උඹේ කටින් ආදරේට
එදා කිව්ව බොරු දාහට
දුක්වෙන්නෑ රැවටුනාට
මවා දුන්න හිස් ලෝකෙට
පණ දෙන්නම් උඹේ නමට
ලියා එව්ව පෙම් පත් මිට
කීතු කරලා එක හුස්මට
විසි කෙරුවා නුවර වැවට

June 27, 2011

පැනල යයි කියල
හංසයෝ
ලෙහන්නට කලින්
ඉස්සරහ පිලට
හරස් කලා කුල්ල
පිළිකන්නෙ
දොර වැහෙන්න
දැම්මා ඇඳන් හිටපු
සරම
නිදහස් කරපු
හංසයෝ
කරන සෙල්ලම් බලන්න
දැන් බයක් නෑ මට
කොහෙත්ම!

June 26, 2011

අහස් කුස පුරාවට
නේක තරු විසිරුනද
පුරා හඳ තරම් එළියක්
තරු රැසින් ලැබේවිද......

ඒ විලසමයි තවම
ඔබ නොමැති දිවි ගමන
සරා සඳ නැති ලෙසක
කලුවරයි සිත් අහස......

June 25, 2011

මගේ හිතගෙන
සැහැසි වූවොත්
නුඹේ හිත මම
පලමි හතරට....

June 24, 2011

දහස් ගනනක් තාරුකාවන්
නිවෙයි දැල්වෙයි ගගන මත්තේ
සහස් සුවහස් පැතුම් කන්දක්
පිපි පරවෙයි මසිත මත්තේ

June 23, 2011

රිදුම

එම්මබා නියපොත්ත
තවත් නම් කපන්නේ නැහැ
රිදෙන්නේ නැති බව දැන දැනත්
මාවම කොනිත්තන නුඹව

June 22, 2011

නෝක්කාඩු කතාව සෙනෙහස නැති ගානයි
නාස් වලින් පිටවන සේ තරහව බෝමයි
පිටින් උරණ උනත් තවම හිත යට සුවඳයි
නොගන් වාඩු බැඳි සෙනෙහස තවමත් තරුණයි

June 21, 2011

ඉලංදාරියාට

කියන්න හුගක් දේ ඇති නිසා
කියාගන්න මට වචන නැති නිසා
නිහඩ වෙමි සබද
සීතලට ගල් වෙච්ච නුඹේ ගත සේම
ඒ දුකට තෙත් වෙච්ච අපේ හදවත් වසා..

June 20, 2011

කුකුල් හොරා

අත්තාපල්
මුත්තාපල්
කුකුල් හොරා
කොස්තාපල්

June 19, 2011

ඔබේ සිත් මළුවේ...,
ආදරයේ පහන් වැටි දල්වන්නට
සුවද මලින් සරසන්නට
මා පින් කර නැති උවත්
ආදරණීය නැගණියනි
මා පින් කරන්නම්...
ඔබවම පතා.....මතු බවයේ....

June 18, 2011

එදා දුටුව
ඔබේ රූ සපුව
මෙදා වියැකී ඇතත්
මතකයේ රැඳී ඇත
එදා ඔබේ රූ සපුව

June 17, 2011

අලුගෝසුවා

ආදරියගේ ජිවිතයට
ජිවිතයම වු ආදරය
එල්ලා මැරුවෙමි

June 16, 2011

ඔය ඇස් වලින් නොපෙනෙන හැගුම්..., මං දුටුවේ නැති තරම්
ඔය සිනාවෙන් සැගවූ සුසුම්..., මට දැනුනේ නැති තරම්
ඔය නිහඩ බව ඔබේ.., පොඩ්ඩක් වත් නොතේරෙන තරම්
කොතරම් කීවත් ඔබ සෙනෙහසින්, මා සිත නොනිදා හඩන තරම්...

June 15, 2011

හොරය

හද පායනකොට
හැංගෙන තරු වගේ
මම හිනාවෙනකොට
හැංගුවා නුඹ දෙනෙත

June 14, 2011

ඔයා මළ ඇණයක්...

ඔයා වෙලාවකට
මළම ඇණයක් වෙද්දි
හිතෙන්නෑ තාමත්
මුකුත්ම කියන්න

June 13, 2011

හිරු එළිය මැද
වැටෙන
වැසි පොද
මවයි අමුතුම සිරියක්

June 12, 2011

සිංහලෙන් හඬන

උමතු පිහා‍ටුවක්
සිංහලෙන් හඬන
ඉංගිරිසියෙන්
කඳුළු පිසලන
මගේ ළඟ
තවම

June 11, 2011

මීට ඉස්සර කලට පෙරකදි
නිකං ලියැවුනි නුඹ නමට කවි
ඒත් දැන් මේ ඉඳල ලඟකදි
කවියකට, බාගෙකුත් මට මදි

June 10, 2011

මිරිගුවයි නොලැබෙනා

සදාකල් ලග තියන්
රැකගන්න වෙරදරපු
කිසිම දා මා දමා
දුර නොයැයි යැයි සිතපු
අන්තිමේ කදුළුවල
ගිල්ලවා මා දමපු
මිරිගුවයි නොලැබෙනා
රැකගන්න වෙරදරපු.....

June 9, 2011

නිර්මාංශ භක්ෂකයා

පිසින්නට කොළ
සූරාගත්කල
වේදනාවෙන් හඬන්නට
කඳුලක් හඬක් නොමැතිව
දරාගෙන හිටියා ගහක්

June 8, 2011

පහන් කණුවක් යට
පරවූ මලක්
බිඟු පහස සොයයි

June 7, 2011

Rest Room

ඇදි පු‍ටු ඔරවයි
බරට
තම හදවත මත නැඟ
නිදන
කම්මැලි ගැහැනුන්ට

ඒ ගැහැනුම
බැණ වදියි
සුව නොදෙනවාට
නිදන්නට
මහලු ඇදි පු‍ටුවලට

June 6, 2011

ඊයෙ වගෙ මින් පෙරත් දවසක
වළාකුළු ඉර ගිලපු සවසක
නුඹට මතකද හැඩුව නුඹ මම
ගාලු මුව දොර වෙරලෙ අයිනක

June 5, 2011

මේ පුංචි කණාමැදිරිය...

ඉක්මනින්
සද පෑව්වා...
තරුත් හිමිහිට
එබී බැලුවා...
අතරින් පතරට
සුලගත් හැමුවා...
අන්තිමට
මේ
පුංචි කණාමැදිරියව
නුඹට
අමතක වෙලා ගියා...

June 4, 2011

නිදන
මල් කුමරියව
ඇහැරවයි
හිරු කුමරු

June 3, 2011

මදුරු කොයිල්

ආලය
මදුරු කොයිල් කර
රවුමට
රවුමට
ගිනි ගන්නට

රවුමට
රවුමට
අළු වැටෙන්නට
සකසා විකුණමු
අපේ නම් එක් කර

June 2, 2011

ගැලරිය

ගැලරියට සැදූ සිනමාව
BOX එකේ සිට බලන අපි....
සිනාසෙමු ගැලරියට....
මෝඩ යක්කු...

June 1, 2011

ආදරෙන් සිටි එදා
නුඹ දුරක ගිය නිසා
හිත මැද්දෙ දුක තියා
කවි නැත්තෙ නුඹ නිසා