May 31, 2011

තවත් මක් කියන්නද නුඹ නමට...

කවි ලියූ
කවි කියූ
නුඹ නමට
සද කියූ
තරු කියූ
නුඹ නමට
මම කියූ
අපි කියූ
නුඹ නමට
තවත් මක්
කියන්නද
නුඹ නමට

May 30, 2011

මෝඩයා

ඔබට ආදරය
කලත් මම
ඔබ නැත මට
කලේ ආදරය

May 29, 2011

අහිමි පෙම

බඹරෙකුට අහිමිනම් මලේ රොන් උරන්නට
විහඟුන්ට අහිමිනම් නිල් අහසෙ පියබන්න
සඳවතට අහිමිනම් වලාකුලු සිප ගන්න
නුඹෙ සෙනෙහෙ අහිමිනම් පෙම් බැන්ද මගෙ සිතට
කඳුලකට අවසරයි නෙතු අගින් ගිලිහෙන්න....

May 28, 2011

Niට..

Niශ්චිත නොවූ Niමේෂයක
Niශ්චලව Niහඬව නොකඩවා
Niදිවර්ජිතව Niශාචරව බැදි පෙමට,
Niසැකව දිනක ලැබේ යයි සිතුවද
පිළිතුර.,
නැත..!
Niයත වශයෙන්ම මා Niහඬය...!

May 27, 2011

කවියෝ

වලකි, පෙල ගැසෙති "කොලු" රස රහස් සොයා
නළුවෙකි, වට බැඳෙති "කෙලි" පෙම් පහස් අයා
කොටයකි, මිතුරු වෙති "දන" ලඟ නමමු කියා
හිඩැසකි, කවි කොටති "කිවි" සිත් පිරෙන නියා

May 26, 2011

හීනය.....

සුසුම් ගත නොවදින දුරක හිද
පෙමට ඇයි අවලාද සැහැසිව
දෙඇස සේ නුඹ වටින හින්දම
තාම තනියම හිත රිදෝගෙන

May 25, 2011

නුඹ...

කදුළු
වියලූ
සිනහා
සැගවූ
මහද
රිදවූ
දුරක
ගියපූ
නුඹ,

මම
හුගක්
ආදරේ
කරපූ...

May 24, 2011

මල් කැඩීම

ගිරගට වැදි
දුරකථන කුළුණක්
සඳු හා පෙමින්
හාදු පිට හාදු දෙන
ගිගුරුම් රැයක්

May 23, 2011

අහිංසක පෙම්වතා

නුඹේ සිනාවට
පෙම් කරපු මාව
දාලා යන්නේ
ඇයි අතර මග

මගේ ආදරය
කෝලමකට ගත්තද
මම නොවේ එය
විසිකරන්නේ

මළ කදක් වැනි
මගේ හදවත
නැවත වරක් ඔබට
මරා දැමිය නොහැක

May 22, 2011

මහිත් මිදුල
අමදින සද
මැකී ගිය
පා සටහන
ඔබ

May 21, 2011

♫සරම♫

වැස්සට
තෙමෙනඔලුවට...
"අඩියක්"
දැම්ම විට
කැහැපොට..
කුඹුරට
අමුඩයට...
අහො...
ඇහැරුණු විට
ඇඳ යට..!!!

May 20, 2011

මියැදෙනවා මමත් දවසින් දවසට...

හිත පුරා පිරී ගිය ආදරෙන්
මම එදා නුඹට දුන් රෝස මල
වෙලීලා ගිහින් අද
අමතක වෙලා නුඹට
මගෙ ආදරෙත්
මං දුන්න රෝස මලත්
මියැදෙනවා
මම දුන්න රෝස මල වාගේම
මමත් දවසින් දවසට.

May 19, 2011

හේලි ට

මිණි පරයමින් දිදුලන
කෙලක් තරුන් පිපි ගගනත
බාවකුත් එල්ලාන එළි දිලෙන
කොහේ යන්නෙද හේලී මේ උඹ ?

May 18, 2011

පායන විට සද සිසිලයි හැම රෑම
ඉන්නා විට නුඹ එලියයි සිත ගාව
හමනා විට මල් සුවදක් නොකියාම
නුඹට හොරෙන් මම ඉන්නෙ නුඹ ගාව

May 17, 2011

ගිනි කොපමණ
රන්වන් ද
ඇවිළෙන විට
අනුන් ගෙතුළ

May 16, 2011

3 වීල්

ගෑහෑනුන්
උපයාගෙන එනතුරු
උපයාගන්න පොරකන
හන්දීයේ තරුණ ශ්‍රමය

May 15, 2011

නුඹ

හිරුගේ රශ්මියෙන්
එළිය දෙන
සද මෙනි
නූඹ

May 14, 2011

ඉරණම

තණා'ග දිදුලන
තුෂර බිඳකි උදැහැන
හිරුට අතවනන
ඔහුගෙ හැටි නොමදැන

May 13, 2011

ප්‍රේමයේ ප්‍රතිඵල

අහෝ ප්‍රේමය
නුඹ මට කල හදිය !
මා බේබද්දකු කරවා,
පසුව කවියකු කරවු නුඹ
මා මහණකු කරන්න හදන්නේ
බොට පිස්සුද ?

May 12, 2011

හෙට?

පිපුණු මහනෙල්
සුවඳ මනකල්
දැනී ඇතිවෙන
දවස එනකල්....

May 11, 2011

ඇය
මා මෙන් සිනාසෙයි ද
තරු කැත බව
ඔහු කී විට

May 10, 2011

නුඹ සහා නුඹේ පෙම

සිතත් පෙම් කල මමත් පෙම් කල
නුබේ සෙනෙහස මහ මෙරයි
ලොවම මට නැති දිනක මවෙතට
ආව නුඹ හරි පෙම්බරයි
ඔහුට පෙම් කර පාරගත් සිත
සැනසුනේ නුඹේ පෙම නිසයි
හුදකලා මගේ හිත පුරා දැන්
ඉන්නේ නුඹ සහා නුඹේ පෙමයි

May 9, 2011

නොඑන ගමන් ගිය මිතුරා...

එක පැන්සල දෙකට කඩා අකුරු නොකෙරුවාට...
එකට සෙට්වී කරට අතදා නොසිටියාට...
නුඹ යළි නොයෙන බව ඇසුවාම...
දැනුනා දුකක් ගලපා ගත නොහැකි ලෙස...

May 8, 2011

පව් කාරයා

නූපන් දරුවන්
මිලියනයක් පමණ
දියේ ගිල්වා මරා දැමූ
මම පව් කාරයෙක් ද?

May 7, 2011

කුළුගෙඩියක් ගල අමතයි....

මම උඹව කඩද්දි,
මට රිදෙන්නෙ තරම් උඹට රිදෙන්නෙ නෑ.

May 6, 2011

රහස
හරි උනුසුම්
අතින් අතට
මාරු වීලා ම

May 5, 2011

තිළිණයක්

දෑත ගුලිකර
දෑතේ තබනෙමි
නොඅරින්න,
මා දුරක යන තෙක්...
නුඹත් මා මෙන්
නොකී පැතුමක්
පුංචි සුසුමක
දැවටුවෙමි මම

May 4, 2011

නිල් නෙතඟින් හොරෑහින් බලනා බැල්මයි
රත් දෙතොලින් හැඩ කරනා සිනහා පොදයි
මිහිරි මුවින් හඬ නඟනා කටකාර කමයි
ආදර සෙනහස් කෑදල්ලේ කුමරි ඔබයි

May 3, 2011

පිරුණු-නොපිරුණු

පිරුණු බව
සිතා සිටියෙමි
නුඹ ඇවිත්
සිතේ හිස්තැන්
පෙන්වන තුරු...

May 2, 2011

සියදිවි නසාගැනීම

රැයක් නිදිවරා හි‍ද එනතුරා මග රැක
මැරූවෙමි එක් කඩුසරින්
ඇය‍ට පෙම් කල මා

May 1, 2011

කඳුළු සිතුවම

රෑ උපන් කඳුළු බිඳු
නුඹ ලයෙහි හොවමි මම
ඇඟිලි තුඩගින් කඳුළු
සිතුවමක් අඳියි නුඹ