January 31, 2011

....සිත....

බඳින බඳින තරමට
ලෙහෙන
ලිහන ලිහන තරමට
බැඳෙන.!

ආත්මාර්තකාමී සද

අදුරෙ ඇවිදිනු දැක දැකත්
අමාවක පුරහද නොවී
එලිය නොදෙන
අපූරුව

January 30, 2011

එතකොට මම?

මම ඔයාගෙ පාට සේරම
කලවම් කරන වතුර බින්දුව
එහෙම නැත්තං
පාට සේරම එකතු වෙලා හැදෙන
බලිකුරුටුව

කපල් පැකේජ්

කොල්ලන් විඳින දුක දිහා බලනකොට සිතේ...
හයියෝ...
නැති එක
දාහෙන් සම්පතකි...!

January 29, 2011

කවිය වේ අවිය

කවිය වේ අවිය
නොවී බැරි බැරිය
පුතෝ ගෙන දිරිය
ලියාපන් කවිය

මට නුඹ..

චින්තනයේ පරාර්ථකාමී සිතුවිල්ල
අහ් ! නෑ වැරදුනා
ආත්මාර්ථකාමිම සිතුවිල්ල

January 28, 2011

තේරවිල්ල

වැඩිවෙන වැඩිවෙන
සීයට
ගැලවෙන ගැලවෙන
රෙදි යාර

රීලෝඩ්

අයියෝ...
කුතුහලේ ඉවර වෙලා අප්පා...
රීලෝඩ් කරගන්න ඕන
ආදරය

එන්නෙම නැද්ද

එන්නෙ නැද්ද කවදාවත්
ඉන්විසිබල් නැතුව ඔන්ලයින්
ඔයාගෙ නම ඉස්සරැහින්
කොල පත්තුවෙනකන්
මන් ඉන්නෙ නිකන් බලන්

බලාපොරොත්තුව

කාත් කවුරුත් නැති දුර ඈත නගරයක...
බාගෙට හැදූ කොන්ක්‍රීට් කනුවකට හේත්තුවුනු බී.එස්.සී කාරයෙක්...
උපාධි සහතිකෙන් ඔළුව මුවා කරගෙන...
හූල්ලනව අහස දිහා බලාගෙන...
"කවදා නම් නවතීවිද මේ වැස්ස.. !!"

January 27, 2011

A/C බස්

හප්පා..
මේ මුළු දෙකේ
පල් ගඳ!

2011 කැලැන්ඩරය

ඊළඟ අවුරුද්දෙදිත්
උඹ වෙනස් නොවුණාට
ෂුවර් එකට
මාව වෙනස් කරපන්
උඹට දිනේට වැඩ කරන්න

යුරේකා!

යුරේකා! යුරේකා!
සොයා ගත්තා
අඳුරේ වේගය
ඔබ- මා- හැර- ගිය- දින!

හැරයාම...

හැරගත් දෙනෙතින් ගලනා කඳුලින්
ඔබ යන මාවත ‍නොපෙනී යයි
නැවතත් මා නෙතු පිසදා බැලුමුත්
ඔබත් මාත් දැන් දුර ඈතයි

January 26, 2011

උගුරුත් වේලිලා

මේ පරදේසක්කාරයන්ට
බැනලා උගුරුත් වේලිලා
යමං නාසි එකක් කාලා
බියර් එකක් ගහන්න.

බාලගිරිදෝසය !

අද නැතිව
හෙට එතැයි සිතන
නුඹ තාමත්
සොයමි මම
මරු කතරක
දියපොදක් ලෙස..

ඔබ

'මට සීතලයි' පැවසූ විට
දුරක සිට මා උණුසුම් කළ හැටි
මතකය අද මෙන් මා හට.....

ඉවසීම

වැහිබරව වැහි කඳුළු නොහෙලා
දුක් විඳින මේ නුබ තලේ
ඉවසීම හුරු කරන් වත් දෝ
ලොවම දෙන ඔවදන වගේ

January 25, 2011

අකැප ආදරය

අහපන් ආදරය
එන්න එපා
නුඹ හිතට
හිත අකැපයි
උඹට

නෙතඟ සිනහවකින්
මා හිරිවට්ටා
එලිපෙහිලි කල පපුවේ
කැටයම් කොටයි ඈ...

අපි...?

ජීවත් වෙන්නට

කන එවුන්ද ?

කන්නට

ජීවත් වන එවුන්ද ?

ටෙලිෆෝන් බූත්

වැටෙන කාසියේ
බර ඇතිතුරු දොඩවන
කේබලයක් කෙළවර
වීදුරු කුටි
තැනින් තැන

January 24, 2011

ගිලිහෙන්න ලං ළංවූ
මලක් වුව
සිහිල් සුළඟකට
දොර වසනු නැත!

ආත්ම ශක්තිය

අඳුරේ අතපත ගා
අසීරුවෙන්
සොයා ගත් විගස
මගෙන් උදුරාගෙන
නැවත අඳුරටම
විසිකලහ
ඔවුහු
එය

පොදු හතුරෝ

එක්ව ඉන්නවුන්
ඉවසන්න බැරිව
සෙමෙන් බිඳලන්න
සීනි තවරා විස කවති

පිවිතුරු ද?

උඹ නැතුව
පසු තැවෙන
ප්‍රීතිමත්
මගෙ මුහුණ
දුටුව ඇය
කොපුල් සිඹ
පලකලා
ආදරය

January 23, 2011

උවමනා කර තිබේ...

මගේ
(මි/හ)තුරන්ට
ගැලපෙන
වෙස් මූණක්

මට
හැංගෙන්න
බිත්තර කට්ටක්...

අහේතුව

හිතට මොකක්ද වගේලු
ඇයිද කියා දන්නෙ නැතිලු
ඉතිං ඇත්තට මට කියන්නේ...?
මම කොහොමද දන්නෙ
හේතුව?

අද කාලෙ පෙම්වත්තු..

ඔන්න වැහි කාලෙ ආවා
දැන් ඉතින්...
පොළව අස්සේ හැංඟිලා හිටපු
මෙරුවො තටු ඇවිත් ඉගිලෙයි
උන් ඉතින්...
අද ඉඳියි.. හෙට මැරිලා යයි..

පුරුදු

පුංචි සතුටට ඉඩක් දුන්නොත්
හදේ මුල් අදිනා නිසා
මුලින් උපුටා ඉවතලූයෙමි
දුක පුරුදු හද ගැන සිතා

January 22, 2011

සාපය

වියැකෙමින්
මතුවෙමින්
දුකම මා
වැනසූ කල
මරණයට හඬ ගසා
දෙනෙත් පියා ගන්නවා හැර
මන්දස්මිත් වැගිරෙන
දෑසකට
කුමට නම් තව
කවි ගොතන්නද.....

(අ)ස්වභාවික මරණය

අදද? හෙටද?
නැත්නම්,
මේ මොහොතේද?
නොසිතු නිමේෂයක...
නියතව හිමිවන,
(අ)ස්වභාවික ත්‍යාගය...

විබාගේ

ගිරවටත්
කෙල්ලෝ ලොකු වුනා‍
එහෙනම්
බලමුකෝ

බොට්ටුව

ගග දිය දෙබෑ කරගෙන..
නෙළුම් පෙති පොඩි කරන්...
ආවොතින් මෝටර් බොට්ටුවක්
මම... ඒකේ නැගල යනවා....
අනෝතත්ත විලට.....
ඌ.....යි....පෑගුණ නේද... කොහිල නටුවක්......

January 21, 2011

පුරවමි

ඉඳහිට දී නුඹෙන් ලද
සතුට තේ හන්දකින්
පුරවමී,
නුඹ නිසා ළය පැලී
හෑරෙනා ආවාට

ගලිවරය

හිතුනෙ නෑ
සිහිනෙකුදු
දිවිතුරු,
විසාලැයි තොප
මෙලෙස බියකරු
හිතුනෙ නෑ
සිහිනෙකුදු
දිවිතුරු
අඟුටු යැයි තොප
මෙලෙස පියකරු

සීතලෙන් මි‍යැදෙන තනිකම

සීතලෙන් මියැදීමට
මමත්, මගේ තනිකමත්
හෙට පාන්දරින්
ගමට යන්නේමු !

උඹ ඌ හා මම

ඌත් ගියා..
උඹත් ගියා..
දැන් ඉතින්
මං ඉදලා මොකටද

January 20, 2011

හිතේ සමාධිය

හුදකලාවද
ස්වර්ගයක්
නොවුනු තැන
අනේ මගේ
හිතේ සමාධිය
පෙති ඉහිරුණු
මලක් වගේ...

ආදරේ

උතුම් පැතුමකි හදේ පීදුනු
විසල් මැදුරකි හිතේ ඉදිවුන
නෙතේ කඳුලකි දුකක් හිමි කල
ආදරේ..

නොලියු කවිය/සදැස/නිසදැස

ලියා මකා,
කපා කොටා,
පද බඳින,
තවමත්,
හිතට හදට නොදනෙන,
අකුරු...

කවිත් කුමකට?

ඉරත් සයුරත
සඳත් අවරක
නුඹත් නැති දින
කවිත් කුමකට?

January 19, 2011

කෙල්ලෙ නුඹ මෙතරම් රළු යැයි
දැනුනෙ නුඹ මට බැන්නාමයි...
මචං මම මෙතරම් බොළඳ යැයි
සිතුනෙ ඇණවූ පසුවාමයි...

උස් මිටි කුණු හමුවී…

මොකෝ බොලා
ආඩම්බර ඔහෑටි
පලක් නෑ දැන්
රාජකීය පුස් ගැටි
බලාපල්ලා තව විඩෙන්
දෙගොල්ලොම එක හැටි
සභාවේ කුණුවලේ
සමාදානේ සැතපෙනා හැටි

එනවාද බලන්නට?

නොකියනා දහක් දේ
නුඹ කියාදෙන දිනට
නොපතනා දහක් දේ
පතන්නට හැකි දිනට
හිරු සඳුත් මුණගැසෙයි
එනවාද බලන්නට?

න්‍යෂ්ටික විදුවතා

තෝරාගෙන මූලද්‍රව්‍ය
සකසා පරිසරය රිසි
උස්සා උණුසුම
ඇතිකර ඝට්ටනය
වනසා
ගනී වාසිය

January 18, 2011

ජීවිතය අපරාදෙ

අරුත් සුන් ජීවිතය
ගෙවී යයි නොකියාම
අපරාදෙ මගෙ කඳුළු
කුමකටද දුක් සුසුම්
ජීවිතය ගෙවෙන වග
දැන දැනම ඉඳුරාම
සිනහ මල් දම් ගොතන
කවි වදන් තව කුමට

අමාවක සිරි

ගන අඳුර රජ කලත්
අමාවක රෑත්
ලස්සනයි

ආදරය...

දිනෙක බලාපොරොත්තුවක්,
දිනෙක සතුටක්,
දිනෙක විඳිමක්,
දිනෙක දුකක්,
දිනෙක විදවීමක්,
දිනෙක අලුත් බලාපොරොත්තුවක්...

රාවණා

තිබුනත් උරහිසේ ඔලු ගනනින් දහය

නැතුවද සිහිවුනේ රන් ව්‍යවස්ථාව

දහ අට පාස් නම් අදටත් රජ නේද

සීතා කැමැත්තෙන් එහෙනං නුඹ ගාව

January 17, 2011

පුංචි මල්ලිට…

කර දඩු උස් මහත් වුනාට

හීන් අඩියක් ගහලා දුමක් දැම්මට

හයයි හතරේ එවුන් එක්ක චන්ඩි පාට් දැම්මට

මට උඹව ලොකු නැත්තේ

තාමත් මං උඹේ ලොකු අයියා නිසා ....

ඇගෙන් මට...

වැටෙන්නට වෙර දරණ
පිණි බිංදු හත අටක
පහස විද සැනසෙන්න
සඳු නැ‍ඟෙන කණිසමට
විසල් තුරු සෙවන යට
මමත් ඉමි හැමදාම...!

බලු|වෘක

බල්ලන් ගොඩක් මෑද

වෘකයෝ කිහිපදෙනෙක්...

එක බල්ලෙක් වෘක හමක් පොරවන්

වෘකයෝ අබියස ගර්................

දෝංකරය

කඳු පුරා
පල්ලම් බහින
අන්දිරිස් ගේ
කන්නලව්ව

January 16, 2011

අම්මා...

ආරම්භයක් හෝ අවසානයක් නොමැති,
උපමාවක් උපමේයක් නොමැති,
ජීවිතයේ ජිවත් කරවන,
සජිවි ජිවය...

දුම්වැටි විරෝධය

කොණ ගිනිගත් බටයේ
කෙලවර මෝඩයෙක්!
ඒ මෝඩයට බණ කියන
තවත් මෝඩයෙක්!

අවසන් ගමන

සුවද මලක් සොයා
බඹරෙකු ඉගිල ගියා
බාඳුරා මලකට නතුව
හේ අවසන් ගමන් ගියා

ඉටිපන්දම

පුරෝගෙන ඉටිකිරි
නෙතෙහි
බලා සිටින්නේ
නුඹ හඬන්නද?
අඬන්නට එපා නුඹ
අඬන්නට වේවි අපිටත්
දෝරෙ ගිය විට
ඉටිකිරි
මේසය පුරාවට..

January 15, 2011

කුරුළු කූඩුව..

ගලක් ගසනතුරු
ඉහිරෙන්නට
බලාසිටි
කුරුළුකූඩුව

අවමගුල..

ශෝකයට පත් උන්..
මැරි මැරී උපදිති...
තුන්මාසයක්..

සඳක්...

කැටපතෙන්
සඳක් නරඹයි
සඳක් යට!

නුඹේ නමට තිබ්බ ඉඩ
හදවතේ කුරුටු ගා
කලු කලා නුඹ
ආයෙමත්
නුඹේ නමත්
වෙන නමක්වත්
ලියන්නට බැරිවෙන්නම...

January 14, 2011

නිදන් ගත පෙම

හදෙහි තැන්පත් ප්‍රේමයක් ඇත
ඉතා සුරැකිව එය තබා ඇත
නිතර නොවුනත් තවම ඉඳ හිට
මතුපිටට ගෙන අසමි දුක සැප
සුරගන හීනයක් සේ
පියාඹා ඇවිත්
රැගෙන ගියේ නුඹ
මිනිසත් බවේ අරුමයයි.......

අතීතය

සත්තයි
නුඹ ළඟ
මං
හරි
අසරණයි...

ඓශ්චර්‍‍යා

ඓශ්චර්‍‍යා එන්න. . .
මටත් පේන්න. . .
ඇයි උඹ
සන්ධානේ උන්ටම
විතරක් පේන්නේ?

January 13, 2011

මලී

පින්න වැටී නිල් මිණිකැට දිලෙනු බලාපන්
පින්න කැකුළු මල් එකිනෙක පිපෙනු බලාපන්
ගොන්න ගහේ ගහ මුදුනේ ගිරව් බලාපන්
අන්න මලී මල් නෙළනා අගේ බලාපන්

ජංගම දුරකථනය

උඹට පරණ මට අලුත් වුණු
මං අනාථ වී උඹ ගොඩ ගිය
ජංගම දුරකථනය...........
සිරිමත් මගෙ සකි
චාටර් වැද්දෙකි
දැන් මල් පප්පෙකි
හෙන බේබද්දෙකි

ඉර ඉවසන සඳ සතපන

එකම අහස දිව රෑ මැද

හිරු සඳු දෙක නුපදින දින

අහසට සුසුමක්‌ නැගෙයිද

January 12, 2011

මම උඹට වැස්සක්ද ?
නැතිකොට එනකන් අඞන
ආවම යනකන් බනින

කුඩා පිණි බිඳ
කුහුඹුවන් අසල
මහ සයුරකි!

පසුතැවීම

ඔබ
අතැගිල්ලක
රළු මතක
දවන තරම්
මා අතැගිලි
තනිව ගමන් යන
හැම මොහොතක

මගේ හිතේ නුඹ ගැන
උපන් අපිරිමිත සෙනෙහසින්
මම නොකා නොබී
නුඹ වෙනුවෙන් නුඹට
හදලා දුන්න ඒ මුද්ද
නුඹේ අතින්බිම වැටුනා
මගේ හදවත වගේම
නුඹ පරිස්සම් නොකල හින්දා...

January 11, 2011

අලුත් මනමාලි

මොකට එනවාද
පරණ මල් සුවදවල්
අලුත් ගෙදරට
ගෙවදුණු පසුවත්

Tears of Tsunami

සොඳුරු සුදු පෙණ ගෝමරින්
සැදි නීලවන් ලමැදේ
අරන් සංගා ගත් සියක් උන්
නොමැත යළි දුටුවේ....


ඔවුන් යළි ඔබ ඇකෙන්
බැස එන මළවුන්ගේ දවසේ
දහස් තරු ඉටි පහන් පිපියන්
මේ කඳුළු අහසේ....

වසා ඇති කාමර
ඇටසැකිලි වලින් බහුලය.
හඳුනන ඇටසැකිලි වෙත්දැයි
බය හිතේ නිතරම!

පළමු හාදුව

නුඹ මුව සුසුමන් හා පා දැඟලිලි
මගේ හද විලසම කැළඹීනි කෙහෙරැළි
වළා තිරෙන් වසමින් වත හසරැළි
සඳත් අපට ඉඩ දුන්නා නොම දිලි

January 10, 2011

සුභපැතුම්!

රණවිරුවන්ගෙ විනාඩි දෙකේ
නිහඬබව බින්දේ
ලොකු සෑර් එවපු
එස් එම් එස් එක

සිනහව

දහසක් පැතුම් සඟවා
වත් ලූ සළු පිළි උනා දමා
කදුළු ගංඟා මැදින්
සිනාසෙන මෙ අරුමය
කියාදීපන් මට මිතුර

කඳුළ

හදවතක හැඩට කැපූ
ඒ රන් ඇරයුම්පත
කිණිසි පහර දෙයි
පැන පැන
අයිස් කුට්ටියක
සගවා තැබූ
අක්‍රීය කඳුළකට

පාළු හිත

පාළුවට දිගහැරුණු
මගේ මෘදු හිත් මඩල
කටු ගසා පාරවා
නුඹ විඳින රසය කිම?

January 9, 2011

මෝඩකම

හිතට එන හැම සිතුවිල්ලක්ම

නුඹට කීවා නම්

තාමත් නුඹ

මා ගාව.....

මගේ Job එක

උදේ හයට කාමරයෙන් පිටවෙනවා
රෑ නවයට ආපසු මෙහි පැමිණෙනවා
පැය හතරක් බස් රියටම යටවෙනවා
බලන් ඉද්දි මා දැන් වයසට යනවා

සන්නම්

ඔබ විලවුන් බින්දුවක්
වටිනා සන්නමක් ඇති
කොතෙක් සේදුවත්
සුවඳ නොයන

ලොවේ හැම තැනකම
ඇවිද සෙවූ මුත් ප්‍රේමය
මගේ හද පතුලේම
නොතිබී තිබී හමු විය

January 8, 2011

චන්දි ගෙන් මට............

සඳට එක් වෙලා සාවෙක් යන්නායා
ඉරට එක් වෙලා ගිරවෙක් යන්නායා
මලට එක්වෙලා බඹරෙක් යන්නායා
නුඹට එක් වෙලා මගෙ සිත යන්නායා...

හොරුන්ගේ දැක්ම(horoscope)

බොරු කාරයන්ට
සල්ලි ගරා දෙන
කොටු 12
තල් කොලය

වට නොවට

ඉස්සර,
කොයිතරම් නම්
වටිනවද?
ලේසියෙන් නොවැටෙනා හින්දා...

අද,
කොයිතරම් නම්
නොවටිනවාද?
නිතරෝම වැටෙන හින්දා...

ආදරය විකිණීම

පහන් කණු
යට
මුදලට
අලෙවි වන
ආදරය (රාගය)

January 7, 2011

පෙම් වළප

දුම් පිඹින
ඉස්තිරික්කයක්
ඔබ
හිතත් -පපුවත්
එකට පුච්චන

ජැකාගේ දූ

හපන් පැදුර
කාලේ ඉඳන්
හිත්ලෑවේ මං
උඹලට


එහෙව් එකේ ඇයි
බැන්දේ කොහෙවත්
නැති ඩොකෙක්ව
උඹ

සෝදිසි

ළපල්ලක මුදු තොල් උරා බී
කර බදන් නිදි පිනි බිඳක් දැක
හිරුගෙ මුල් රැස් දහර පිළිබඳ
ඉතා සෝදිසියෙන්ය තුරු හිස...

අසමත්

ජිවිතේ පාසලේ
මඟ හැරුණු පාඩමකි
අහිමි දේ නොපතන්න,
ඉතින් මම අසමත්මි..

January 6, 2011

මම නිවී සිටියෙමි.
වැස්ස ඇවිදින්
ගිනි තබනතුරු!

ළිඳ

මහලුකම නොදන්නා
සියඹලා පත්‍ර
මොනවාට එබෙනවාද
මහ ගැඹුරු
ළින් කටට ?

බෝඩිම් වුන ජීවිතය..

හැඩි කෙරුණු කාමරය
දුම පිරුණු පෝරණුව
මත් වතුර බෝතලය
වල් වැදුණු ජීවිතය

ආ වසන්තය

සරදම් නොකරමි
නොපිපුනත් පිපෙන මල්
වසත්කල නුඹමැයි
මට..

January 5, 2011

මූණුපොතේ මගේ ආදරී

මටත් වඩා
මූණුපොතේ
පැළ ටිකටයි
මාළු ටිකටයි
බේකරියටයි
ආදරේ කරන
මගේ ආදරී

ලතැවිල්ල

නෙළුම් පතක් මත
දඟ පෑ පිණි බිඳ
මොහොතින් දියමත
වැතිරී සැඟවිණි
නෙළුම් පතේ
සලකුණු කිසි නැතිවද
නැතිවූ දියබිඳ
ගැන සිත ළතැවිනි

සොරා ගත් තනුව

ආපසු හැරෙනු නොහැකිය
කීර්තිමත් ගායකයාණෙනි
යෝදයා
ඔබව සොයනවා
සොරා ගත්තාට
රන් බිජුලන කිකිළිය
අත හැර
ඒ මිහිරි තනුව

පාහාර, නරුම
කාලකණිනි, වනචර
මුස්පේන්තු, වලත්ත
වල්බූරු, බලු
චිහ්
තව වචන නැති හැටි
මට උඹ ගැන තියෙන
ආදරේ කියන්න
:@

January 4, 2011

සෙට්
වීම
දෙල්


ද්‍රව.........
වායු........
ඝන.......
"ඕකේ....."
ට්‍රීං.......ට්‍රීං........ට්‍රීං.....
ආ..... අම්මා????????????

Massage Clinic

ඇස් බැඳගෙන
මස් මිරිකමි
ගෙදර ගිහින්
කුස් පුරවමි

ආදරය...
හැරෙන්නට
අපි....
කතාකරනව....
ඉර හද තරු සමනල්ලු
හැමදේම ගැන.....
කොන්දේසි විරහිතව...

කොහේවත් නැද්ද.

එහෙත් නැත
මෙහෙත් නැත
කොහේ හෝ
ඇතැයි සිතමි.
ඒත් කොහේවත්
නැති උනොත්?

January 3, 2011

විනාශයක්

අවුලක් නැති
පවුලක් ලඟ
break නැති
හදවතක්...!

රෑ පුරාම
ඔයා ඉල්ලුවා
මගෙන්
ආදරේ..... ...
ඈහෑරිලා බලද්දි
ඔයා
එතන නෑ....
හිටියේ,
ඉර....

නොලියූ කවිය

“නොලියාම ඉන්නෙමි” යි
සිත සිතා තැවෙන විට
සිත පතුල කිතිකවන
නොලියවුන කවිය නුඹ!

ගැබ්බරව කවි අහස
වැලපවයි සලන්නයි
කවි අණුව කවි අණුව
සිතට නුඹේ නිදි බරිත

January 2, 2011

විරහ ගින්න

හීතලේ
ගැහි ගැහි
හිටපු මට
ලොකු ගිණි මැලයක්
ගහලා ගියා
පපුව උඩ
ඇය..

උපාසක උන්නැහේ

ජලය පිරි සෙම්බුවක්
හිස දරා භක්තියෙන්
මග දිගේ යන ගමන්
නොබී ඉන් බිඳක් වත්
පිපාසෙන් මිය ගිහින්

ඇළ

ඇළ හොඳින් හැඳ පැළඳ
ඇවිද යයි කුඹුරු මැද

වැව අරෙහෙ නිදි නැතිව
මේ ඇඳුම් මහපු බව
කිසිම වී කරලකට
ඇළ කියා නැත තවම...

හිස් නොවන ජින් වීදුරුව.

ඔබ අතින්
ඇය අතින්
වරින් වර
පිරවෙන
කිසි දාක
හිස් නොවන
මගේ ජින් වීදුරුව

January 1, 2011

නරි වදන

හඳේ කිරි
තිත්තයි
පැණි දැම්මත්
තිත්තයි...!!

ආන්ත්‍රාවයි

ඩයිනමයිට් පෙට්ටියක
බහාලූ
ගිනි කූ‍රැ දෙකක්
මෙනි
අපි

ඔබ

හෙට උදයෙත් හිරු නැගේවි.....

ඊයේ වාගෙම හිනැහේවි....

විදු පියසෙම ඔබ සොයාවි....

ඔබ නැති කල සසල වේවි....

එම්බා කරීනා කපූරුව
මා නුඹට ආදරේ
බව දැනත්
ඉම්බේ කිම තී
හිරිකිත රොෂානුව